ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.
2 සාමුවෙල් 8:14 - Sinhala Revised Old Version ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක. Sinhala New Revised Version ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක. Sinhala New Revised Version 2018 ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක. |
ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.
මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.
දාවිත් වඩ වඩා උතුම් වේගන ගියේය; මක්නිසාද සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක.
නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමුවෙමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාමය මෙන් මහත් නාමයක් නුඹට සාදා දෙන්නෙමි.
දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.
දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය.
යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.
ඔහු ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධකොට සේලා අල්ලාගන, අද දක්වා තිබෙන හැටියට ඊට යොක්තෙයේල් යන නම තැබුවේය.
ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.
ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබුවේය; සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක; ඔබ උදහස්වූසේක; අප පළමු ස්වභාවයට පැමිණෙවුව මැනව.