Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:15 - Sinhala Revised Old Version

15 එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 දාවිත් ඒදොම්හි සිටිය දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමූ පසු, මැරුම්කෑ තැනැත්තන් භූමදාන කරන පිණිස සෙන්පති ජෝවාබ් ගිය කල මෙසේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 දාවිත් ඒදොම්හි සිටිය දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමූ පසු, මැරුම්කෑ තැනැත්තන් භූමදාන කරන පිණිස සෙන්පති ජෝවාබ් ගිය කල මෙසේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:15
14 හුවමාරු යොමු  

ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹ අතට පාවාදුන් කල්හි එහි සිටින සියලු පිරිමින්ට කඩු මුවහතින් පහර දෙන්න.


බලකොටු සහිත නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොමට මා ගෙනගියේ කවුද?


දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක; ඔබ උදහස්වූසේක; අප පළමු ස්වභාවයට පැමිණෙවුව මැනව.


එබැවින් බාලයන් අතරෙහි සියලු පිරිමින්ද පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයන් දැනගත් සියලු ස්ත්‍රීන්ද මරා,


නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.


ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකොට සියලු පිරිමින් මැරුවෝය.


තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි.


(මක්නිසාද යෝවාබ්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඒදොම්හි සියලු පිරිමින් සිඳදමනතුරු එහි හමාසයක් නැවතුණෝය.)


දාවිත් ලුණු මිටියාවතේදී සිරියවරුන්ගෙන් දහඅට දාහකට පහර දී හැරී ආ කල ඔහු කීර්තිමත්වුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්