ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 24:24 - Sinhala Revised Old Version

රජද: එසේ නොව මිල ගණනකට එය නුඹෙන් ගනිමි. මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි අරව්නාට කීවේය. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකෙල් පනසකට ගත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රජ ද, “එසේ නොව, මිලේට එය ඔබෙන් ගනිමි, මට වියදමක් නැති ව මාගේ දෙවි සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු නො‍කරමි”යි අරව්නාට කී ය. එසේ දාවිත් කමත ද ගවයන් ද රිදී කාසි පණසකට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජ ද, “එසේ නොව, මිලේට එය ඔබෙන් ගනිමි, මට වියදමක් නැති ව මාගේ දෙවි සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු නො‍කරමි”යි අරව්නාට කී ය. එසේ දාවිත් කමත ද ගවයන් ද රිදී කාසි පණසකට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 24:24
8 හුවමාරු යොමු  

මගේ ස්වාමීනි, එසේ නොවේවා, මාගේ බස් ඇසුව මැනවි. ඒ කෙත ඔබට දෙමි, එහි තිබෙන ගුහාවද ඔබට දෙමි. මාගේ සෙනඟගේ පුත්‍රයන් ඉදිරියෙහිදී මම ඒක ඔබට දෙමි. ඔබගේ මළ තැනැත්තිය තැන්පත්කළ මැනවියි කීයේය.


දේශයේ සෙනඟ අසාගන සිටියදී එප්‍රොන්ට කථාකරමින්: ඔබ කරුණාකර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි; එය මාගෙන් පිළිගත මැනවි, එවිට එහි මාගේ මළ තැනැත්තිය වළලමියි කීය.


ආබ්‍රහම් එප්‍රොන්ට ඇහුම්කන්දී, ඔහු හෙත්ගේ පුත්‍රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වලංගුවූ රිදී ෂෙකෙල් හාරසියයක් ඔහුට කිරාදුන්නේය.


සාතන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළඹවුවේය.


එවිට දාවිත් කථාකොට: දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය මේය, ඉශ්‍රායෙල්ගේ දවන පූජා ඔප්පුකරන පූජාසනයද මේයයි කීවේය.


කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.