Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 23:11 - Sinhala Revised Old Version

11 මගේ ස්වාමීනි, එසේ නොවේවා, මාගේ බස් ඇසුව මැනවි. ඒ කෙත ඔබට දෙමි, එහි තිබෙන ගුහාවද ඔබට දෙමි. මාගේ සෙනඟගේ පුත්‍රයන් ඉදිරියෙහිදී මම ඒක ඔබට දෙමි. ඔබගේ මළ තැනැත්තිය තැන්පත්කළ මැනවියි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “ස්වාමීනි, එසේ නො වේ වා! මට සවන් දෙන්න, ඉඩම ද එහි ඇති ගුහාව ද මම ඔබට දෙමි. මාගේ ජනයා ඉදිරිපිට මම එය ඔබට දෙමි. ඔබේ මියගිය බිරිඳ එහි වළලනු මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “ස්වාමීනි, එසේ නො වේ වා! මට සවන් දෙන්න, ඉඩම ද එහි ඇති ගුහාව ද මම ඔබට දෙමි. මාගේ ජනයා ඉදිරිපිට මම එය ඔබට දෙමි. ඔබේ මියගිය බිරිඳ එහි වළලනු මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 23:11
15 හුවමාරු යොමු  

ළඟ සිටියවුන්ට කථාකොට: පවුම ඔහුගෙන් රැගෙන පවුම් දසය ඇත්තාට දෙන්නැයි කීවේය.


එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.


දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.


බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය.


මෙහි හිඳින්නන් සහ මාගේ සෙනඟගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය නුඹට දන්වන්ට සිතුවෙමි. ඉතින් ඒක ගළවාගන්ට කැමතිනම් ගළවාගන්න. ගළවාගන්ට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගළවාගන්ට නුඹ සහ නුඹට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගළවා ගන්නෙමියි ඔහු කීය.


බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! නුඹද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය.


කොයි අපරාධයකට නුමුත්, මනුෂ්‍යයෙක් කරන පාපවල් අතරෙන් කොයි පාපයකට නුමුත්, එක සාක්ෂිකාරයෙක් කිසිවෙකුට විරුද්ධව නොනැගිටීවා. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ මුඛයෙන් කාරණයක් ස්ථිර වන්නේය.


මරණයට පත්වෙන තැනැත්තා සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් කී සාක්ෂිය පිට මරනු ලබන්නේය; එක සාක්ෂිකාරයෙකුගේ මුඛයේ කීම පිට ඔහු මරණු නොලබන්නේය.


කා විසින් නුමුත් යමෙකු මැරුවොත් මිනීමරන තැනැත්තේ සාක්ෂිකාරයන්ගේ කීම පරිද්දෙන් මරනු ලැබිය යුතුය. එහෙත් යමෙකු මරන පිණිස එක සාක්ෂිකාරයෙක් පමණක් ඔහුට විරුද්ධව සාක්ෂි නොදිය යුතුය.


ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි, ආබ්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථිරකරන ලද්දේය.


මාගේ ස්වාමීනි, අපේ බස් ඇසුව මැනවි. ඔබ අප අතරෙහි බලසම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන්පළවලින් ඉතා උතුම් එකක ඔබගේ මළ තැනැත්තිය වැළලුව මැනවි; ඔබ විසින් ඔබගේ මළ තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන්පළ නොවළක්වන්නේයයි කීවෝය.


ආබ්‍රහම්ද ඒ දේශයේ සෙනඟට නැමී ආචාරකොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්