Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 23:13 - Sinhala Revised Old Version

13 දේශයේ සෙනඟ අසාගන සිටියදී එප්‍රොන්ට කථාකරමින්: ඔබ කරුණාකර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි; එය මාගෙන් පිළිගත මැනවි, එවිට එහි මාගේ මළ තැනැත්තිය වළලමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට, “ඔබ මට එය දෙන්න කැමැති නම්, කරුණාකර, මට සවන් දෙන්න, ඉඩමේ වටිනාකමේ මුදල් මම දෙමි, එය බාරගන්න, මාගේ මියගිය බිරිඳ මම එහි වළලමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට, “ඔබ මට එය දෙන්න කැමැති නම්, කරුණාකර, මට සවන් දෙන්න, ඉඩමේ වටිනාකමේ මුදල් මම දෙමි, එය බාරගන්න, මාගේ මියගිය බිරිඳ මම එහි වළලමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 23:13
10 හුවමාරු යොමු  

නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.


නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.


එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.


මෙසේ වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි කීවේය.


රජද: එසේ නොව මිල ගණනකට එය නුඹෙන් ගනිමි. මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි අරව්නාට කීවේය. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකෙල් පනසකට ගත්තේය.


ආබ්‍රහම්ද ඒ දේශයේ සෙනඟට නැමී ආචාරකොට,


එප්‍රොන්ද ආබ්‍රහම්ට උත්තරදෙමින්:


ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්