මම දැනට අසූ අවුරුද්දක් වයස්ව සිටිමි. හොඳ නරක මට දැනෙනවාද? ඔබගේ මෙහෙකරුවූ මට කන බොන දේවල රස දැනේද? ගී කියන පුරුෂයන්ගෙත් ගී කියන ස්ත්‍රීන්ගෙත් හඬ මට තවත් අසන්ට පුළුවන්ද? එබැවින් ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට තවත් බරක් වෙන්නේ කුමටද?
2 සාමුවෙල් 19:36 - Sinhala Revised Old Version ඔබගේ මෙහෙකරුවා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එගොඩට යෑම සුළු දෙයක්ය. එබැවින් රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ මක්නිසාද? Sinhala New Revised Version ඔබේ මෙහෙකරුවා වන මම ජොර්දාන් ගඟෙන් එගොඩ ටික දුරක් යන්නෙමි. රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ කුමට ද? Sinhala New Revised Version 2018 ඔබේ මෙහෙකරුවා වන මම ජොර්දාන් ගඟෙන් එගොඩ ටික දුරක් යන්නෙමි. රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ කුමට ද? |
මම දැනට අසූ අවුරුද්දක් වයස්ව සිටිමි. හොඳ නරක මට දැනෙනවාද? ඔබගේ මෙහෙකරුවූ මට කන බොන දේවල රස දැනේද? ගී කියන පුරුෂයන්ගෙත් ගී කියන ස්ත්‍රීන්ගෙත් හඬ මට තවත් අසන්ට පුළුවන්ද? එබැවින් ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට තවත් බරක් වෙන්නේ කුමටද?
මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය.
අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.
තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.
දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.