Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:37 - Sinhala Revised Old Version

37 මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 මාගේ ම නගරයේ මාගේ පියාණන්ගේත් මාගේ මෑණියන්ගේත් සොහොන් පොළ ළඟ මැරෙන පිණිස ඔබේ මෙහෙකරුවාට හැරී යන්නට අවසර ලැබේවා. එහෙත්, ඔබේ මෙහෙකරුවා වන කිම්හාම් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ එගොඩ ගියා වේ. ඔබට යහපත යයි පෙනෙන හැටියට ඔහුට කළ මැනව.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 මාගේ ම නගරයේ මාගේ පියාණන්ගේත් මාගේ මෑණියන්ගේත් සොහොන් පොළ ළඟ මැරෙන පිණිස ඔබේ මෙහෙකරුවාට හැරී යන්නට අවසර ලැබේවා. එහෙත්, ඔබේ මෙහෙකරුවා වන කිම්හාම් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ එගොඩ ගියා වේ. ඔබට යහපත යයි පෙනෙන හැටියට ඔහුට කළ මැනව.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:37
15 හුවමාරු යොමු  

කල්දිවරුන් නිසා මිසරයට ඇතුල්වෙන්ට යන පිණිස බෙත්-ලෙහෙම අසල තිබෙන කිම්හාම්ගේ නවාතැනෙහි නැවතී සිටියෝය.


නුමුත් ගිලියදිය බර්සිල්ලයිගේ පුත්‍රයන්ට කරුණාව පෙන්වන්න, ඔව්හු නුඹේ මේසයෙන් කන තැනැත්තන් අතරේ සිටිත්වා. මක්නිසාද නුඹේ සහෝදරවූ අබ්සලොම් ඉදිරියෙන් මා පලාගිය විට ඔව්හු එලෙස මා ළඟට ආවෝය.


මෙසේ රජ මෙගොඩවී ගිල්ගාල්ට ආවේය, කිම්හාම්ද ඔහු සමඟ ආවේය. මුළු යූදා සෙනඟද ඉශ්‍රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක්ද රජු මෙගොඩට කැඳවාගන ආවෝය.


මම මේ කූඩාරමෙහි සිටින තුරු, නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි.


මක්නිසාද මම දැන් යාගකරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ.


හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා නුඹට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී නුඹ කෑම කා වතුර බිවූ නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය.


බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.


මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.


ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක.


මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.


ඔබගේ මෙහෙකරුවා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එගොඩට යෑම සුළු දෙයක්ය. එබැවින් රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ මක්නිසාද?


රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, නුඹට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. නුඹ මාගෙන් ඉල්ලන සියල්ලත් නුඹට කර දෙන්නෙමියි කීවේය.


නාතාන්ගේ පුත්‍රවූ අශරියා මූලාදෑනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍රවූ සාබූද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්