එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල නුඹට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය.
2 සාමුවෙල් 16:3 - Sinhala Revised Old Version එවිට රජ: නුඹේ ස්වාමියාගේ පුත්‍රයා කොතනදැයි ඇසුවේය. ශීබාද: ඔහු යෙරුසලමෙහි නැවතී සිටියි. මක්නිසාද–ඉශ්‍රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය නැවත මට දෙනවා ඇත කියා ඔහු කීවායයි රජුට කීවේය. Sinhala New Revised Version එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version 2018 එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය. |
එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල නුඹට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය.
යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.
ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි.
මිත්‍රයෙකු විශ්වාස නොකරන්න, හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ ළයෙහි සැතපෙන්නියගෙන් නුඹේ මුඛයේ දොරවල් රැකගන්න.
ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.