Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 16:3 - Sinhala New Revised Version

3 එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට රජ: නුඹේ ස්වාමියාගේ පුත්‍රයා කොතනදැයි ඇසුවේය. ශීබාද: ඔහු යෙරුසලමෙහි නැවතී සිටියි. මක්නිසාද–ඉශ්‍රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය නැවත මට දෙනවා ඇත කියා ඔහු කීවායයි රජුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 16:3
13 හුවමාරු යොමු  

එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.


සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.


ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.


මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ.


“නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.


අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ.


බොරු සාක්කිකරු වැනසී යයි; සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.


ඔබේ අසල්වැසියා වත්, හිතවත් මිතුරා වත් විශ්වාස නොකරන්න. ඔබේ භාර්යාවගෙන් වුව ද කට ප්‍රවේසම් කරගන්න.


අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්