2 රාජාවලිය 4:30 - Sinhala Revised Old Version නුමුත් ළමයාගේ මවු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්හැර නොයමියි කීවාය. එවිට ඔහු පිටත්වී ඈ අනුව ගියේය. Sinhala New Revised Version එහෙත්, ළමයාගේ මවු, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත්හැර නොයමි”යි දිවුරා කීවා ය. එවිට ඔහු පිටත් වී ඈ පසුපස ගියේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ළමයාගේ මවු, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවත් ව සිටින ඔබේ නාමයෙන් ද මම ඔබ අත්හැර නොයමි”යි දිවුරා කීවා ය. එවිට ඔහු පිටත් වී ඈ පසුපස ගියේ ය. |
එලියා: ස්වාමීන්වහන්සේ මා බෙතෙල්ට යවන නිසා මෙහි නවතින්නැයි එලිෂාට කීවේය. එලිෂාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු බෙතෙල්ට බැස ගියෝය.
එලියා ඔහුට කථාකොට: එලිෂා, මෙහි නවතින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා යෙරිකෝවට යවනසේකැයි කීවේය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු යෙරිකෝවට ආවෝය.
එලියාද: ස්වාමීන්වහන්සේ මා යොර්දානට යවන නිසා මෙහි නවතින්නැයි ඔහුට කීවේය. ඔහු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. එවිට ඒ දෙදෙනාම ගියෝය.
එක්කෙනෙක්: ඔබද ඔබගේ මෙහෙකරුවන් සමඟ යන්ට සතුටුවුවමැනවැයි කීවේය. මම යමියි කියා, ඔහු ඔවුන් සමඟ ගියේය.
ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය.