Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 2:2 - Sinhala Revised Old Version

2 එලියා: ස්වාමීන්වහන්සේ මා බෙතෙල්ට යවන නිසා මෙහි නවතින්නැයි එලිෂාට කීවේය. එලිෂාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු බෙතෙල්ට බැස ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය. එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය. එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 2:2
17 හුවමාරු යොමු  

එලියාද: ස්වාමීන්වහන්සේ මා යොර්දානට යවන නිසා මෙහි නවතින්නැයි ඔහුට කීවේය. ඔහු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. එවිට ඒ දෙදෙනාම ගියෝය.


නුමුත් ළමයාගේ මවු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්හැර නොයමියි කීවාය. එවිට ඔහු පිටත්වී ඈ අනුව ගියේය.


එලියා ඔහුට කථාකොට: එලිෂා, මෙහි නවතින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා යෙරිකෝවට යවනසේකැයි කීවේය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු යෙරිකෝවට ආවෝය.


ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය.


නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.


ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.


දැන් මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත් වන බව සැබෑවා සේම, ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ වැලැක්වූසේක්මය, එබැවින් ඔබගේ සතුරෝද මාගේ ස්වාමියාට අන්තරාකරන්ට සොයන්නෝද නාබල් මෙන් වෙත්වා.


ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය.


දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.


එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.


ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්