ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 3:26 - Sinhala Revised Old Version

මෝවබ් රජ සටන තමාට ඉතා සැරව තිබුණු බව දැක ඒදොම් රජු කරා සේනාව මැදින් බිඳගන යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් සත්සියයක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්ට නුපුළුවන්විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධ ව යන බව දැක, සේනාව මැදින් බිඳගෙන ඒදොම් රජු කරා යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් හත්සියයක් රැගෙන ආවේ ය. එහෙත්, ඔවුන්ට යන්නට නුපුළුවන් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධ ව යන බව දැක, සේනාව මැදින් බිඳගෙන ඒදොම් රජු කරා යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් හත්සියයක් රැගෙන ආවේ ය. එහෙත්, ඔවුන්ට යන්නට නුපුළුවන් විය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 3:26
5 හුවමාරු යොමු  

ඔව්හු නුවරවල් කඩාදමා, රටේ සියලු හොඳ බිම්වලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමුවෝය. කීර්-හරෙස‍ෙත්හි ඉතුරුකළේ ගල් පමණක්ය; ගල්පටිකාරයෝ ඒක වටලාගෙන ඊට පහර දුන්නෝය.


එකල ඔහු තමා වෙනුවට රජ වෙන්ට සිටි තමාගේ කුළුඳුල් පුත්‍රයා රැගෙන දවන පූජාවක් කොට පවුර පිට පුදකෙළේය. මහත් උදහසක්ද ඉශ්‍රායෙල් පිටට පැමුණුණේය. එවිට ඔව්හු ඔහු වෙතින් අහක්වී තමුන්ගේ දේශයට හැරී ගියෝය.


මෙසේ ඉශ්‍රායෙල්හි රජද යූදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය.


ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යූදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෝවබ්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු ඒදොම් රජුගේ ඇට දවා හුනු සෑදුවේය.