Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 3:9 - Sinhala Revised Old Version

9 මෙසේ ඉශ්‍රායෙල්හි රජද යූදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මෙසේ ඉශ්රායෙල්හි රජ ද ඒදොම්හි රජ ද ජුදාහි රජ ද පිටත් ව ගියහ. ඔවුන් සත් දවසක් වැරදි මඟකින් යද්දී සේනාවටත්, ඔවුන් සමඟ ගිය සිව්පාවුන්ටත් වතුර නැති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මෙසේ ඉශ්රායෙල්හි රජ ද ඒදොම්හි රජ ද ජුදාහි රජ ද පිටත් ව ගියහ. ඔවුන් සත් දවසක් වැරදි මඟකින් යද්දී සේනාවටත්, ඔවුන් සමඟ ගිය සිව්පාවුන්ටත් වතුර නැති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:9
16 හුවමාරු යොමු  

එකල ඒදොම්හි රජෙක් නොවීය. යුව රජෙක් රජකම්කෙළේය.


නුඹලා මොහු හිරගෙයි ලා මා සමාදානයෙන් එනතුරු මොහුට දුක් සහිත කෑමද දුක් සහිත වතුරද දෙන්නැයි රජු කියන්නේය කියා කියන්නැයි කීවේය.


බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.


අලුෂ් කෙරෙන් පිටත්ව ගොස් රෙපිඩිම්හි කූඩාරම් ගසාගත්තෝය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.


සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.


අපද අපේ සිව්පාවුන්ද මෙහි මැරෙන පිණිස නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාව මේ කාන්තාරයට ගෙනාවේ මක්නිසාද?


සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.


තවද මෝසෙස් ඉශ්‍රායෙල් මිනිසුන් රතු මුහුදේ සිට ගෙනගියේය, ඔව්හු ෂූර් නම් වනාන්තරයට පිටත්ව ගියෝය; ඔව්හු තුන් දවසක් වනාන්තරයෙහි ගොස් වතුර නොලැබුවෝය.


ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.


තවද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ දහඅටවෙනි අවුරුද්දේදී සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය.


තවද ඔහු ගොස් යූදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය.


ඔහු: අපි කුමන පාරකින් යමුදැයි ඇසුවේය. ඔහුද: ඒදොම් කාන්තාරයේ පාරෙන්යයි උත්තරදුන්නේය.


එවිට ඉශ්‍රායෙල් රජ: අහෝ ස්වාමීන්වහන්සේ මෝවබ් අතට පාවා දෙන්ට මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි කීය.


ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යූදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය.


යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්