Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 3:26 - Sinhala New Revised Version 2018

26 මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධ ව යන බව දැක, සේනාව මැදින් බිඳගෙන ඒදොම් රජු කරා යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් හත්සියයක් රැගෙන ආවේ ය. එහෙත්, ඔවුන්ට යන්නට නුපුළුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධ ව යන බව දැක, සේනාව මැදින් බිඳගෙන ඒදොම් රජු කරා යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් හත්සියයක් රැගෙන ආවේ ය. එහෙත්, ඔවුන්ට යන්නට නුපුළුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මෝවබ් රජ සටන තමාට ඉතා සැරව තිබුණු බව දැක ඒදොම් රජු කරා සේනාව මැදින් බිඳගන යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් සත්සියයක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්ට නුපුළුවන්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:26
5 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් ඒදොම් රජුගේ ඇට කටු දවා හුණු ලබාගත් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.


මෙසේ ඉශ්රායෙල්හි රජ ද ඒදොම්හි රජ ද ජුදාහි රජ ද පිටත් ව ගියහ. ඔවුන් සත් දවසක් වැරදි මඟකින් යද්දී සේනාවටත්, ඔවුන් සමඟ ගිය සිව්පාවුන්ටත් වතුර නැති විය.


ඔව්හු නගර වනසා, රටේ හොඳ‍ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ‍ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.


එකල ඔහු තමා වෙනුවට රජ වන්නට සිටි තමාගේ කුලුඳුල් පුත්‍රයා රැගෙන දවන යාග පූජාවක් කොට පවුර පිට පුද කෙළේ ය. ඉමහත් උදහසක් ඉශ්රායෙල්වරුන් පිට පැමිණිණි. එවිට ඉශ්රායෙල්වරු ඔහු වෙතින් අහක් වී තමන්ගේ දේශයට හැරී ගියෝ ය.


ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා, ජුදාගේ පාලනය යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත් කරගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්