ඔහු ස්වාමීන්වහන්සේගේ මාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරියේය.
2 රාජාවලිය 22:17 - Sinhala Revised Old Version ඔව්හු මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින්, මාගේ උදහස මේ ස්ථානය කෙරෙහි ඇවිලෙන්නේය, ඒක නිවෙන්නේ නැත. Sinhala New Revised Version ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත. Sinhala New Revised Version 2018 ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත. |
ඔහු ස්වාමීන්වහන්සේගේ මාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරියේය.
යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.
එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක.
සියොන්හි පව්කාරයෝ භයවෙති; අභක්තීන්ට වෙවුලුම හදිසියෙන් අල්ලා තිබේ. නාස්තිකරන ගින්නෙහි සිටින්ට අපෙන් කාට පුළුවන්ද? සදාකාල දැවීම්වල සිටින්ට අපෙන් කාට පුළුවන්ද?
එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට ඔව්හු උත්තරදෙමින්: ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාරකොට ඔවුන්ට සේවයකළ නිසායයි කියනවා ඇත.
සමහරවිට ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව් ඇතුව වැටී, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ සෙනඟට විරුද්ධව කියා තිබෙන උදහස සහ කෝපය මහත්යයි කීවේය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මාගේ උදහසත් මාගේ කෝපයත් මේ ස්ථානය පිට එනම් මනුෂ්‍යයාද මෘගයාද කෙතේ ගස්ද භූමියේ ඵලද කෙරෙහි වගුරවනු ලබන්නේය; එය නොනිවෙන ලෙස ඇවිළෙන්නේයයි කියනසේක.
නුඹේ දේව රූපද නුඹේ රූපස්තම්භද නුඹ වෙතින් සිඳදමන්නෙමි; නුඹද නුඹේ අත්වල වැඩයට තවත් නමස්කාර නොකරන්නෙහිය.
ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.
දෙවි නොවන්නන් කරණකොටගෙන ඔව්හු මා කෝපකළෝය; තමුන්ගේ නිෂ්ඵලකම්වලින් මා උදහස් කළෝය. මමද සෙනඟක් නොවන්නන් කරණකොටගෙන ඔවුන් කෝපකරවන්නෙමි; අඥාන ජාතියක් ලවා ඔවුන් උදහස් කරවන්නෙමි.
මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.
අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.