එවිට යූදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා ඇරියේය. අසිරියාවේ රජද රිදී තලෙන්ත තිහක්ද දෙන්ට යූදාහි රජවූ හෙසකියාට නියමකෙළේය.
2 රාජාවලිය 19:8 - Sinhala Revised Old Version අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය. Sinhala New Revised Version අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය. Sinhala New Revised Version 2018 අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය. |
එවිට යූදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා ඇරියේය. අසිරියාවේ රජද රිදී තලෙන්ත තිහක්ද දෙන්ට යූදාහි රජවූ හෙසකියාට නියමකෙළේය.
කූෂ්හි රජවූ තිර්හාකා රජ නුඹට විරුද්ධව යුද්ධකරන්ට එන්නේයයි ඔහුට සැලවිය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත පණිවිඩකාරයන් එවා:
මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන්ට විරුද්ධව කැරළිගසන්නෝය. එම කාලයේදී ලිබ්නාවරුද කැරළිගැසුවෝය.
අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.
මක්කේදාහි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නාට ගොස් ලිබ්නාට විරුද්ධව යුද්ධකෙළේය.