Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 8:22 - Sinhala Revised Old Version

22 මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන්ට විරුද්ධව කැරළිගසන්නෝය. එම කාලයේදී ලිබ්නාවරුද කැරළිගැසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 8:22
8 හුවමාරු යොමු  

අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.


ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද,


නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.


මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.


ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යූදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය.


යෝරාම්ගේ අනික් ක්‍රියාවල්ද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ශෙදෙකියා විසි එක් අවුරුදු වයසේදී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමූටල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.


මක්නිසාද ඒදොම්වරු නැවත ඇවිත් යූදාවරුන්ට පහරදී සමහරුන් අල්ලාගන ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්