Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 19:9 - Sinhala Revised Old Version

9 කූෂ්හි රජවූ තිර්හාකා රජ නුඹට විරුද්ධව යුද්ධකරන්ට එන්නේයයි ඔහුට සැලවිය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත පණිවිඩකාරයන් එවා:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 19:9
7 හුවමාරු යොමු  

එහෙත් සාවුල් ළඟට පණිවිඩකාරයෙක් ඇවිත්: කොල්ලකෑමට පිලිස්තිවරුන් රටට ඇවිත් සිටින නිසා ඉක්මනින් අවමැනවැයි කීවේය.


කූෂ්හි රජවූ තිර්හකා තමාට විරුද්ධව යුද්ධ කරන්ට එන්නේයයි ඔහුට සැලවිය. ඔහු ඒ අසා හෙසකියා ළඟට පණිවිඩකාරයන් එවමින් කියනුයේ:


නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.


අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.


නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න–අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න.


එම්බා සේනා පියාපත්වල ශබ්ද ඇත්තාවූ, කූෂ් දේශයේ ගංගාවලට එගොඩින් සිටින්නාවූ,


ඔහු නුවරට, ඉශ්‍රායෙල් රජවූ ආහබ් වෙතට, පණිවිඩකාරයන් යවමින්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්