මටත් නුඹලා වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි නුඹලා සිටියොත්, නුඹලාට විරුද්ධව වචන ගොතා, නුඹලා දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.
2 රාජාවලිය 19:21 - Sinhala Revised Old Version ඔහු ගැන ස්වාමීන්වහන්සේ කියන වචනය මේය–සියොනේ කන්‍යා දුව නුඹ සුළුකරනවාය, නුඹට කවටකම්කරනවාය; යෙරුසලමේ දුව නුඹට ඉස වනනවාය. Sinhala New Revised Version ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය. Sinhala New Revised Version 2018 ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය. |
මටත් නුඹලා වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි නුඹලා සිටියොත්, නුඹලාට විරුද්ධව වචන ගොතා, නුඹලා දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.
විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, නුඹ අපට කළාක්මෙන් නුඹට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.
ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව.
සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.
එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත.
බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ.
කල්දිවරුන්ගේ දියණිය, නිශ්ශබ්දව ඉඳ අන්ධකාරයට ඇතුල්වෙන්න. මක්නිසාද නුඹ: රාජ්‍යවල ස්වාමිදුවයයි තවත් කියනු නොලබන්නීය.
මේ වචනය ඔවුන්ට කියන්න, එනම්: නොනැවතී රෑ දාවල් මාගේ ඇස්වලින් කඳුළු ගලාවා. මක්නිසාද මාගේ සෙනඟවූ කන්‍යා දුව මහත් තුවාලයකින්ද ඉතා තද පහරකින්ද පීඩිතවූවාය.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙයාකාර දේ ඇසුවේ කවුද කියා ජාතීන් අතරෙහි විභාගකරන්න; ඉශ්‍රායෙල් කන්‍යාව ඉතා භයංකර දෙයක් කළාය.
එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.
එම්බා මිසරය නම් කන්‍යා දුව, ගිලියද්ට ගොස් ගුගුල් ගන්න. නුඹ විසින් බොහෝ බෙහෙත් පාවිච්චිකිරීම නිෂ්ඵලය; නුඹට සුවවීමක් නැත.
මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක.
යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?
මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති; ඔව්හු පරිහාසකොට, යෙරුසලම් දුවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති.
ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න. කුසලාන නුඹ වෙතටත් පැමිණෙන්නේය; නුඹ මත්ව නිර්වස්ත්‍රව සිටින්නීය.
ඉශ්‍රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය.
එම්බා රැළේ කොත, සියොන් දුවගේ හෙල, නුඹ වෙතට පළමු ආණ්ඩුව එන්නේය, එසේය, යෙරුසලම් දුවගේ රාජ්‍යය එන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.