Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 14:17 - Sinhala Revised Old Version

17 මේ වචනය ඔවුන්ට කියන්න, එනම්: නොනැවතී රෑ දාවල් මාගේ ඇස්වලින් කඳුළු ගලාවා. මක්නිසාද මාගේ සෙනඟවූ කන්‍යා දුව මහත් තුවාලයකින්ද ඉතා තද පහරකින්ද පීඩිතවූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 14:17
20 හුවමාරු යොමු  

මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය නිසා මම තුවාල ලැබ ශෝකයට පැමුණුණෙමි. විස්මපත්කම මා අල්ලාගත්තේය.


යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?


නුමුත් නුඹලා ඒක අසන්නේ නැත්නම්, මාගේ ආත්මය රහස් තැන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන අඬා, බොහෝසෙයින් කඳුළු වගුරුවනවා ඇත; ස්වාමීන්වහන්සේගේ රැළද වාලට ගෙනයනු ලැබූ නිසා මාගේ ඇස්වලින් කඳුළු ගලනවා ඇත.


අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි!


එබැවින් මමත් නුඹට තදලෙස පහරදී, නුඹේ පාප නිසා පාළුකෙළෙමි.


ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේට කෑගැසීය. අහෝ සියොන් දුවගේ පවුර, රෑ දාවල් ගඟක් මෙන් කඳුළු වගුරුවන්න; නිස්කලංක නොගන්න; නුඹේ ඇසේ කළුඉංගිරියාව නොනවතීවා.


අහෝ මාගේ රිදුම නිසා මට දුක්වේ! මාගේ තුවාලය බරපතළය. මමද: සැබවින් මේ මාගේ දුකය, මේක මා විසින් දැරිය යුතුයයි කීවෙමි.


ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–සියොන් කන්‍යා දුව නුඹ සුළු කරනවාය, නුඹට සරදම්කරනවාය; යෙරුසලම් දුව නුඹට පස්සෙන් ඉස වනනවාය.


ඔබගේ පහර මා කෙරෙන් ඉවත්කළ මැනව. ඔබගේ අත් පහරෙන් මම ක්ෂයවීමි.


ඉශ්‍රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය.


මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.


අහෝ මාගේ දුක සනසාගන්ට බැරි තරම්ය! මාගේ සිත මා තුළ ක්ලාන්තවී තිබේ.


ඔහු ගැන ස්වාමීන්වහන්සේ කියන වචනය මේය–සියොනේ කන්‍යා දුව නුඹ සුළුකරනවාය, නුඹට කවටකම්කරනවාය; යෙරුසලමේ දුව නුඹට ඉස වනනවාය.


ඔව්හු ඉක්මන්කොට, අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත් අපේ ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වත්වා.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙයාකාර දේ ඇසුවේ කවුද කියා ජාතීන් අතරෙහි විභාගකරන්න; ඉශ්‍රායෙල් කන්‍යාව ඉතා භයංකර දෙයක් කළාය.


මාගේ දියණිය වන සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස් කඳුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ; මක්නිසාද ළමයින් සහ කිරි දරුවෝ නුවර වීථිවලදී ක්ලාන්තවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්