අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.
2 රාජාවලිය 19:17 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් ජාතීන්ද ඔවුන්ගේ දේශවල්ද පාළුකොට Sinhala New Revised Version සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට, Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට, |
අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.
අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.
තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.
ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුවමැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව.
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයවූ ලී සහ ගල් ව තිබුණේය; ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.
තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.
ආහබ්ගේ මුළු වංශය විනාශවන්නේය. ඉශ්‍රායෙල්වරුන් අතරේ දාසයන් නුමුත් නිර්දාසයන් නුමුත් ආහබ්ගේ සියලු පිරිමින් සිඳදමා,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.
ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද?
සැබවින්ම මහත්වූ අලංකාරවූ බොහෝ ගෙවල් වැසියන් නැතුව පාළුවන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කන්වලට කියනසේක.
එහෙත් නුඹලා මා මරනවා නම්, නුඹලා පිටටත් මේ නුවර පිටටත් මෙහි වැසියන් පිටටත් නුඹලා නිදොස් ලේ පමුණුවන බව සහතිකලෙස දැනගන්න. මක්නිසාද මේ සියලු වචන නුඹලාට ඇසෙන ලෙස කියන්ට ස්වාමීන්වහන්සේ සැබවින් මා නුඹලා ළඟට එවූසේකැයි කීය.
රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.
එවිට ඔරුවේ සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය.
පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කථාකොටඃ සැබෑවටම මොහුත් ඔහු සමඟ සිටියේය. මක්නිසාද මොහු ගලීලෙයකැයි සැක නොකොට ස්ථිරලෙස කීවේය.
කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස,
ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය.