Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 16:9 - Sinhala Revised Old Version

9 අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 16:9
12 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා මා ඉදිරියෙහි කූෂ්වරුන්ගේ පුත්‍රයින්ට සමාන නොවෙත්දැයි ස්වාමීන්වහන්සේගේ කියනසේක. මා විසින් ඉශ්‍රායෙල්වරුන් මිසර දේශයෙන්ද පිලිස්තිවරුන් කප්තොර් සිටද අරාම්වරුන් කීර් කෙරෙන්ද ගෙනාවා නොවේද?


ඒලාම් වනාහි රථ සේනාවද අසරුවන්ද ඇතුව සිට ඊකොපුව දැරුවේය; කීර්ද පලිහෙන් වැස්ම ඇරියේය.


එබැවින් ස්වාමීන්වහන්සේ රෙශීන්ගේ එදිරිකාරයන් ඔවුන්ට විරුද්ධව උසස්කර, ඔවුන්ගේම සතුරන්ද පොළඹවනසේක;


මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය.


ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන්ද රජුගෙත් අධිපතීන්ගෙත් ගෙදරවලින්ද වස්තු රැගෙන අෂූර්හි රජුට දුන් නුමුත් එයින් ඔහුට පලක් නොවීය.


ඒ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සිරියේ රජු අතට පාවාදුන්සේක; සිරියවරු ඔහුට පහරදී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙනගියෝය. ඔහු ඉශ්‍රායෙල් රජු අතටත් අසුවී ඒ රජ තෙමේ මහත් මැරීමකින් ඔහුට පහර දුන්නේය.


කල්නෝ කර්කෙමිෂ් වාගේ නොවේද? හමාත් අර්පද් වාගේ නොවේද? සමාරිය දමස්කය වාගේ නොවේද?


දමස්කය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක්කරනු ලැබ ජරාවාස ගොඩක් වන්නේය.


ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් සියලු දේශවාසීන්ද ඔවුන්ගේ රටවල්ද පාළුකොට,


එවිට බෙන්හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යැවීය; ඔව්හු ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-මයිම්ටත් නප්තලීහි සියලු ගබඩා නුවරවලටත් පහර දුන්නෝය.


සිතේ එඩිතරකමෙන්ද අහංකාරයෙන්ද කියන්නාවූ එප්‍රායිම් සහ සමාරියේ වැසියෝද වන මුළු සෙනඟ ඒක දැනගන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්