ඉශ්රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.
2 රාජාවලිය 16:7 - Sinhala Revised Old Version එකල ආහාස් අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් වෙතට පණිවිඩකාරයන් යවා: මම ඔබගේ මෙහෙකරුවාය, ඔබගේ පුත්‍රයාය. ඇවිත් මට විරුද්ධව නැගිට සිටින සිරියේ රජුගේ අතිනුත් ඉශ්‍රායෙල් රජුගේ අතිනුත් මා ගැළවුවමැනවැයි කියා යැවුවේය. Sinhala New Revised Version එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, “මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය. Sinhala New Revised Version 2018 එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, “මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය. |
ඉශ්රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.
ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.
ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.
අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නේසර් ඔහු වෙතට ඇවිත් ඔහුට පීඩාකළා මිස ඔහු ශක්තිමත් කළේ නැත.
ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති.
නුඹට යහළුවන් වෙන්ට නුඹම ඉගැන්වූ අයවලුන් උන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රධානකමට පත්කරන විට නුඹ මක්කියන්නෙහිද? බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් නුඹට වේදනා අල්ලන්නේ නැද්ද?
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.
නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය. ගළවන්ට බැරි ජාතියක් ගැන මුර කුළුනු උඩ අපි බලා සිටියෙමුව.
නුඹේ ආශාව සංසිඳිමක් නොවූ නිසා, නුඹ අෂූරියයන් සමඟද වේශ්‍යාකම්කෙළෙහිය; නුඹ ඔවුන් සමඟ වේශ්‍යාකම්කළ නුමුත් සෑහීමට නොපැමිණියෙහිය.
ඈ අසල්වාසීවූ අලංකාර වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝව මුලාදෑනියෝව අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි අෂූර්වරුන් කෙරෙහි ආලයවුණාය, ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය.
ඔහොලා මා සන්තකව සිටියදී වේශ්‍යාකම්කළාය; ඇගේ ප්‍රේමවන්තයන් වන අසල්වාසීන්වූ අෂූර්වරුන් කෙරෙහි ඈ ආලයවූවාය.
අෂූර් අප නොගළවන්නේය; අපි අසුන් පිට නැගී නොයන්නෙමුව. නුඹලා අපේ දෙවිවරුයයි අපේ අතින් සෑදූ දේට අපි තවත් නොකියන්නෙමුව. මක්නිසාද පියා නැත්තාට ඔබගෙන් අනුකම්පාව ලැබේයයි කියන්න.
එප්‍රායිම් අනුවණ පරෙවියෙකු මෙන් සිතක් නැතුව සිටින්නේය. ඔව්හු මිසරයට අඬගසති, අෂූර්ට යති,