Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 20:4 - Sinhala Revised Old Version

4 ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඉශ්රායෙල් රජ ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔබේ කීම ප්‍රකාර මමත්, මට ඇති සියල්ලත් ඔබට අයත් වෙමු”යි උත්තර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉශ්රායෙල් රජ ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔබේ කීම ප්‍රකාර මමත්, මට ඇති සියල්ලත් ඔබට අයත් වෙමු”යි උත්තර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:4
10 හුවමාරු යොමු  

ෂිමෙයිද: ඒ කීම යහපත; මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී ලෙසම ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. එසේ ෂිමෙයි යෙරුසලමෙහි බොහෝ දවස් විසුවේය.


නුඹේ රන් රිදී මාගේය; නුඹේ භාර්යාවරුන්ගෙන්ද දරුවන්ගෙන්ද ඉතා ශෝභන අයත් මාගේය කියා බෙන්-හදද් කියන්නේයයි ඔහුට කියා ඇරියේය.


පණිවිඩකාරයෝ නැවත ඇවිත් කථාකොට: බෙන්-හදද් මෙසේ කියන්නේය–නුඹේ රන් රිදීද නුඹේ අඹු දරුවන්ද නුඹ මට දෙන්ට ඕනෑයයි නුඹට කියා එවමි;


එවිට ගෙයි ප්‍රධානියාද නුවර ප්‍රධානියාද වැඩිමහල්ලෝද රාජ කුමාරයන් ඇතිදැඩිකළ අයද යේහු වෙතට පණිවිඩයක් යවමින්: අපි ඔබගේ මෙහෙකරුවෝය, ඔබ අපට අණකරන සියල්ල කරන්නෙමුව; කිසිවෙකු රජකර නොගන්නෙමුව. ඔබට යහපත්ව පෙනෙන හැටියට කළමැනවැයි කීවෝය.


නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.


ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.


එබැවින් යාබෙෂ්හි මනුෂ්‍යයෝ: හෙට අපි නුඹලා ළඟට එන්නෙමුව, එවිට නුඹලාට හොඳව පෙනෙන සියල්ලේ හැටියට අපට කරන්ට නුඹලාට පුළුවනැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්