ඔහුද: ඔවුන් සමාදානය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්න, යුද්ධය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්නැයි කීවේය.
2 රාජාවලිය 14:8 - Sinhala Revised Old Version එකල අමශියා පණිවිඩකාරයන් යවා: එන්න, අපි මුණගැසෙමු කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස්ගේ පුත්‍ර වන ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ට කියා ඇරියේය. Sinhala New Revised Version එකල අමශියා දූතයන් යවමින්, “එන්න, අපි දෙදෙන මුණගැසෙමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල් රජු වන ජෙහෝවාෂ්ට කියා යැවී ය. Sinhala New Revised Version 2018 එකල අමශියා දූතයන් යවමින්, “එන්න, අපි දෙදෙන මුණගැසෙමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල් රජු වන ජෙහෝවාෂ්ට කියා යැවී ය. |
ඔහුද: ඔවුන් සමාදානය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්න, යුද්ධය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්නැයි කීවේය.
යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ බලවන්තකම් වන ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධකළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
එහෙත් අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්‍රායෙල් රජවූ යොහෝවාෂ් ගියේය; ඔහුද යූදාහි රජවූ අමශියාද යූදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී එකිනෙකා මුණගැසුණෝය.
අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය.
ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.
නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?
අහෝ මේ මිනිස්සු මා යටතේ නම්! එවිට මම අබිමෙලෙක් පහකරදමන්නෙමියි කියා: නුඹේ සේනාව වැඩිකරගෙන පිටතට එන්නැයි අබිමෙලෙක් ගැන කීවේය.