තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙනකල කඩිසර වෙන්න. මක්නිසාද ඒ වේලාවට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව පිටත්ව යනසේකැයි කීසේක.
2 රාජාවලිය 13:17 - Sinhala Revised Old Version නැගෙනහිර කවුළුව අරින්නැයි කීවේය. ඔහු ඒක ඇරියවිට: විදින්නැයි එලිෂා කීවේය. ඔහු විද්දේය. එවිට එලිෂා ඒ ස්වාමීන්වහන්සේගේ ජය ඊගසය; එනම් සිරියවරුන්ගෙන් ජයගැනීමේ ඊගසය. නුඹ සිරියවරුන් නැතිකරන තුරු අපෙක්හිදී ඔවුන්ට පහර දෙන්නෙහියයි කීවේය. Sinhala New Revised Version “නැගෙනහිර කවුළුව අරින්නැ”යි කී ය. ඔහු එය ඇරිය පසු, “දුන්නෙන් විදින්නැ”යි එලිෂා කී ය. ඔහු ද විද්දේ ය. එවිට එලිෂා, “ඒ සමිඳාණන් වහන්සේගේ ජය ඊගස ය, එනම්, සිරියන්වරුන්ගෙන් ජය ගැනීමේ ඊගස ය. ඔබ සිරියන්වරුන් නැති කරන තුරු, අපෙක්හි දී ඔවුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය. Sinhala New Revised Version 2018 “නැගෙනහිර කවුළුව අරින්නැ”යි කී ය. ඔහු එය ඇරිය පසු, “දුන්නෙන් විදින්නැ”යි එලිෂා කී ය. ඔහු ද විද්දේ ය. එවිට එලිෂා, “ඒ සමිඳාණන් වහන්සේගේ ජය ඊගස ය, එනම්, සිරියන්වරුන්ගෙන් ජය ගැනීමේ ඊගස ය. ඔබ සිරියන්වරුන් නැති කරන තුරු, අපෙක්හි දී ඔවුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය. |
තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙනකල කඩිසර වෙන්න. මක්නිසාද ඒ වේලාවට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව පිටත්ව යනසේකැයි කීසේක.
ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැස්කොට ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය.
තවද එක සෙනඟක් අනික් සෙනඟට ඉස්සරහපිටින් සත් දවසක් කඳවුරු බැඳගන සිටියේය. සත්වෙනිදා යුද්ධය කෙරුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ සිරියවරුන්ගෙන් පාබළ මනුෂ්‍යයන් ලක්ෂයක් එක දවසකදී මැරුවෝය.
එලිෂා: නුඹේ අත දුන්න පිට තබන්නැයි ඉශ්‍රායෙල් රජුට කීවේය. ඔහු තමාගේ අත තැබුවේය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා:
ඔහු: ඊගස් ගන්නැයි කීවේය. ඔහු ගත්විට: බිම ගසන්නැයි ඔහු ඉශ්‍රායෙල් රජුට කීවේය. ඔහු තුන් වරක් ගසා නැවතුණේය.
එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය.
මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.
සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්‍රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.