Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:29 - Sinhala Revised Old Version

29 තවද එක සෙනඟක් අනික් සෙනඟට ඉස්සරහපිටින් සත් දවසක් කඳවුරු බැඳගන සිටියේය. සත්වෙනිදා යුද්ධය කෙරුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ සිරියවරුන්ගෙන් පාබළ මනුෂ්‍යයන් ලක්ෂයක් එක දවසකදී මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 තවද, එක් සෙනඟක් අනික් සෙනඟට ඉදිරියෙන් සත් දවසක් කඳවුරු බැඳ සිටියෝ ය. සත් වන දින යුද්ධය ඇරඹිණි. ඉශ්රායෙල් ජනයා සිරියාවේ වැසියන්ගේ පාබල සේනාවෙන් ලක්ෂයක් එක දවසක දී මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 තවද, එක් සෙනඟක් අනික් සෙනඟට ඉදිරියෙන් සත් දවසක් කඳවුරු බැඳ සිටියෝ ය. සත් වන දින යුද්ධය ඇරඹිණි. ඉශ්රායෙල් ජනයා සිරියාවේ වැසියන්ගේ පාබල සේනාවෙන් ලක්ෂයක් එක දවසක දී මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:29
13 හුවමාරු යොමු  

ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.


ස්වාමීන්වහන්සේ සදාකාලයටම රජ්ජුරුවෝය. ජාතීහු උන්වහන්සේගේ දේශයෙන් විනාශවූවෝය.


රෙමලියාගේ පුත්‍රවූ පෙකා බලවන්තයන්ව සිටි එක්ලක්ෂ විසි දහසක් එක දවසේ යූදාහිදී මැරුවේය; මෙසේ වුණේ ඔවුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.


අබියාද ඔහුගේ සෙනඟද මහත් මැරීමකින් ඔවුන් මැරුවෝය. තෝරාගත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පන්ලක්ෂයක් මැරුම්කා වැටුණෝය.


සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.


ඒ පිලිස්තියයා සතළිස් දවසක් උදයත් සවසත් ඉස්සරහට ඇවිත් පෙනීසිටියේය.


සත්වෙනි දින පහන්වන වේලේ ඔව්හු නැගිට එම ආකාරයෙන්ම සත් වරක් නුවර වටේට ගියෝය. එදා පමණක් ඔව්හු සත්වරක් නුවර වටේට ගියෝය.


ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හදද් පලාගොස් නුවරට පැමිණ ඇතුල් ගෙයකට ගියේය.


නැගෙනහිර කවුළුව අරින්නැයි කීවේය. ඔහු ඒක ඇරියවිට: විදින්නැයි එලිෂා කීවේය. ඔහු විද්දේය. එවිට එලිෂා ඒ ස්වාමීන්වහන්සේගේ ජය ඊගසය; එනම් සිරියවරුන්ගෙන් ජයගැනීමේ ඊගසය. නුඹ සිරියවරුන් නැතිකරන තුරු අපෙක්හිදී ඔවුන්ට පහර දෙන්නෙහියයි කීවේය.


යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් තමාගේ පියවූ යෙහෝවාහාස් අතින් හසායෙල් විසින් යුද්ධකොට අල්ලාගත් නුවරවල් ඔහුගේ පුත්‍රයාවූ බෙන්-හදද්ගේ අතින් නැවත අල්ලාගත්තේය. යෝවාෂ් තුන්වරක් ඔහුට පහරදී ඉශ්‍රායෙල් නුවරවල් දෙවනු ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්