2 රාජාවලිය 12:13 - Sinhala Revised Old Version එහෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහය නිසා රිදී කුසලාන්ද පහන් කතුරුද තලිද හොරණෑද යම් රන් භාජන හෝ රිදී භාජනද නොසාදා, Sinhala New Revised Version එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා, Sinhala New Revised Version 2018 එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා, |
වැඩ නිමකළ පසු ඔව්හු ඉතිරි මිල රජු සහ යෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝය, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට භාණ්ඩ එනම් මෙහෙයටත් පූජා ඔප්පුකිරීමටත් බඩුද හැඳිද රන් රිදී භාජනද සාදනලද්දේය. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දවන පූජා නිතරම ඔප්පුකරනලද්දේය.
තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.
සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න.