2 තෙසලෝනික 2:13 - Sinhala Revised Old Version නුමුත්, ස්වාමීන්වහන්සේ විසින් ප්‍රේමකරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය. සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය. |
උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා යන නම තබන ලද්දේය.
මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.
ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක.
මම නුඹ ළඟින් ගොස් බැලූ කල, නුඹේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම්දී, නුඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, නුඹද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යයාවූ දානියෙල්, මා විසින් නුඹට කියන වචන කල්පනාකර, නැගිට කෙළින් සිටින්න; මක්නිසාද මම දැන් නුඹ ළඟට එවනලද්දෙමියි කීවේය. ඔහු ඒ වචනය මට කී විට මම වෙවුලමින් සිටියෙමි.
ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න. නුඹට සමාදානය වේවා, සවිවෙන්න, සවිවෙන්නැයි කීවේය. ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි.
නුඹේ කන්නලව්වේ පටන්ගැන්මේදී ආඥාවක් ලැබ මම නුඹට දන්වන්ට ආවෙමි; මක්නිසාද නුඹ බොහෝ ප්‍රේමලද්දෙක්ය. ඒ නිසා කාරණය කල්පනාකොට, දර්ශනය තේරුම්ගන්න.
පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
අන්‍යජාතීහු ඒ අසා සන්තෝෂව, දෙවියන්වහන්සේගේ වචනයට ගෞරවකළෝය. සදාකාල ජීවනය ලැබීමට නියම කරනලද සියල්ලෝම අදහාගත්තෝය.
උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.
එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටි නුමුත්, යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා භාරදෙනලදද, ඊට සිතින්ම කීකරුවී,
දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?
ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස:
මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක.
අහෝ අඥාන ගලාතිවරුනි, කුරුසියෙහි ඇණගසනලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද?
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.
ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
එසේය, දෙවියන්වහන්සේ ප්‍රේමකරන්නාවූ සහෝදරයෙනි, උන්වහන්සේ නුඹලා තෝරාගත් බව අපි දනිමුව.
පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණ දෙමින්, නුඹලා එක් එක්කෙනාට ක්‍රියාකළ හැටි නුඹලා දනිහුය.
මක්නිසාද දෙවියන්වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබාගැනීමට අප නියමකළසේක.
සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;
විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.
තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද,
උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක.
සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.
නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.
අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක.
ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.