එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
2 කොරින්ති 5:10 - Sinhala Revised Old Version මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය. Sinhala New Revised Version මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු. සිංහල කාලීන පරිවර්තනය මන්ද ශරීරයේ සිටියදී හොඳ හෝ නරක හෝ වේවා, එකිනෙකා කළ කළ දේ අනුව පල විපාක ලබන පිණිස, අප සියල්ලන්ම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතුම ය. Sinhala New Revised Version 2018 මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු. |
එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.
ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව.
මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.
මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.
තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.
එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන්වහන්සේ විසින් නියමකරනලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් උන්වහන්සේ අපට අණකළසේක.
මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.
ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.
නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
මා එසේ කියන්නේ නුඹලාට වරද තබන පිණිස නොවේ. මක්නිසාද නුඹලා එක්ව මැරෙන්ටත් එක්ව ජීවත්වෙන්ටත් නුඹලා අපේ සිත්වල දරමුයයි පළමුවෙන්ම කීවෙමි.
ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චයකරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත.
ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.
මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.
ස්වාමීන්වහන්සේ සමඟ විවාදකරන්නෝ කැබෙලිකරනු ලබන්නෝය; උන්වහන්සේ අහසෙහි සිට ඔවුන්ට විරුද්ධව ගර්ජනාකරනසේක. ස්වාමීන්වහන්සේ පොළොවේ අන්තයන් විනිශ්චයකරනසේක; උන්වහන්සේ තමන් රජුට බලය දෙනසේක, ස්වකීය අභිෂේකලත් තැනැත්තාගේ අඟ උසස්කරනසේකැයි කීවාය.
ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.