Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 10:42 - Sinhala Revised Old Version

42 ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන්වහන්සේ විසින් නියමකරනලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් උන්වහන්සේ අපට අණකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ජීවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තාණන්, උන් වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දෙන්නටත්, උන් වහන්සේ අපට අණ කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

42 ජීවතුන්ගේ ද මළවුන්ගේ ද විනිසුරුවාණන් වශයෙන් දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද තැනැත්තාණෝ උන්වහන්සේම බවට ජනයාට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දරන්නටත් උන්වහන්සේ අපට අණ කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ජීවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැන් වහන්සේ, උන් වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දෙන්නටත්, උන් වහන්සේ අපට අණ කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 10:42
24 හුවමාරු යොමු  

මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.


ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චයකරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත.


දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චයකරන්ට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද, උන්වහන්සේගේ ප්‍රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණකරන්නේ නම්:


මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.


මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.


ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි.


බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.


මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත.


නුඹලා ගොස් දේවමාළිගාවේ සිට මේ ජීවනය සම්බන්ධ සියලු වචන සෙනඟට කථාකරන්නැයි කීවේය.


නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.


ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට සාක්ෂි දෙන්ට ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමියි කීවේය.


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නියමකර තිබෙන හැටියට යන්නේමය. නුමුත් ඔහු පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ යයි කීසේක.


ඔහු ධර්මිෂ්ඨකමද පමණ දැන ක්‍රියාකිරීමද පැමිණෙන්නාවූ විනිශ්චයද ගැන කථාකරද්දී පීලික්ස් භයපත්ව: දැනට යන්න; මට ප්‍රස්තාවක් ලැබුණාම නුඹට අඬගස්වන්නෙමියි කීවේය.


ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්