ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 12:13 - Sinhala Revised Old Version

මා නුඹලාට බරක්ව නොසිටිය කාරණයෙන් මිස වෙන මොන දෙයකින් නුඹලා අනික් සභාවලට අඩුව සිටියහුද? ඒ වැරැද්දට මට කමාවෙන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මා ඔබට බරක් නො වූ කාරණයෙන් හැර, අන් කවර සභාවකට වඩා ඔබට සැලකුම් අඩු වී ද? බරක් නො වීමේ වරදට මට කමා වන්න!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 12:13
7 හුවමාරු යොමු  

එය සම්මුඛවීමේ කූඩාරමෙහි නුඹලාගේ මෙහෙයට විපාකය වන බැවින් නුඹලාටත් නුඹලාගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන.


දෙගොල්ලම එම කර්මාන්තය කරන්නෝ බැවින්, ඔවුන් සමඟ නැවතී සිට වැඩකළේය; ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීමය.


අන්‍යයෝ නුඹලා කෙරෙහි මේ බලයට හවුල්වෙත් නම් ඊට වඩා අපට යුතු නොවේද? එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.


නොහොත් වැඩ නොකර සිටින්ට අවසර නැත්තේ මටත් බාර්ණබස්ටත් පමණක්ද?


මෙන්න, තුන්වෙනි වරට නුඹලා වෙතට එන්ට සූදානම්ව සිටිමි. නුමුත් නුඹලා මිස නුඹලාගේ දේපළ මා නොසොයන නිසා මම නුඹලාට බරක් නොවන්නෙමි. මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.