Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:31 - Sinhala Revised Old Version

31 එය සම්මුඛවීමේ කූඩාරමෙහි නුඹලාගේ මෙහෙයට විපාකය වන බැවින් නුඹලාටත් නුඹලාගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැමැති තැනක දී වැළඳිය හැකි ය. සම්මුඛ මණ්ඩපය තුළ නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැමැති තැනක දී වැළඳිය හැකි ය. සම්මුඛ මණ්ඩපය තුළ නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:31
9 හුවමාරු යොමු  

ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයන්න.


ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය.


වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා.


මා නුඹලාට බරක්ව නොසිටිය කාරණයෙන් මිස වෙන මොන දෙයකින් නුඹලා අනික් සභාවලට අඩුව සිටියහුද? ඒ වැරැද්දට මට කමාවෙන්න.


එබැවින් නුඹලා එයින් උතුම් කොට්ඨාසය ඔප්පුකරන විට එය පාවරේ අස්වැන්න මෙන්ද මිදි පැසේ පූර්ණකම මෙන්ද ලෙවීවරුන්ට ගණන්ගනු ලබන්නේය.


එසේ නුඹලා එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට නුඹලා නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්