පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය.
2 ලේකම් 7:7 - Sinhala Revised Old Version තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබුණු මිදුලේ මැද භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාද ශාන්ති පූජාවල තෙලද එහි ඔප්පුකෙළේය. එසේ කළේ සාලමොන් සෑදූ පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද තෙලද අල්ලන්ට මදි නිසාය. Sinhala New Revised Version තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්‍රමාණවත් නොවූ නිසා ය. Sinhala New Revised Version 2018 තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්‍රමාණවත් නොවූ නිසා ය. |
පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය.
ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.
නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.