Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 7:8 - Sinhala Revised Old Version

8 මෙසේ ඒ කාලයේදී සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද හමාත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට ආවාවූ ඉතාමහත් සමූහයක්ද මංගල්‍යය පැවැත්තුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මෙසේ ඒ කාලයේ දී සලමොන් ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද හමාත්ට ඇතුළු වන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට පැමිණි ඉතා විශාල සමූහයක් ද මංගල්‍යය පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මෙසේ ඒ කාලයේ දී සලමොන් ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද හමාත්ට ඇතුළු වන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට පැමිණි ඉතා විශාල සමූහයක් ද මංගල්‍යය පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 7:8
19 හුවමාරු යොමු  

ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ


මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් වන හාමත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවාවූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තූහ.


එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය.


නුමුත්, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව ජාතියක් නැගුටුවන්නෙමි; හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ ඔය දක්වා ඔව්හු නුඹලාට පීඩාකරන්නෝයයි සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


මෙසේ දෙවෙනි මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉතා මහත් සභාවක්වූ බොහෝ සෙනඟ යෙරුසලමට රැස්වුණෝය.


සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සත්වෙනි මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේදී සාලමොන් රජු වෙතට රැස්වූවෝය.


සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද සත්වෙනි මාසයේ පැවැත්වූ මංගල්‍යයේදී රජු වෙතට රැස්වූවෝය.


මෙසේ යෙරුසලමෙහි මහත් ප්‍රීතියක් විය. මක්නිසාද දාවිත්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ සාලමොන්ගේ කාලයට පසු යෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නොවීය.


සත්වෙනි මාසයේ පහළොස්වෙනිදා මංගල්‍යයේදී ඔහු එසේම සත් දවසක් ඒ පාප පූජාවද දවන පූජාවද ආහාර පූජාවද තෙල්ද සඳහා පිළියෙළකරන්නේය.


බස්නාහිර පැත්ත නම් සීමාවේ පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මහ මුහුදය. බස්නාහිර පැත්ත ඒකය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්