ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 7:20 - Sinhala Revised Old Version

මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින්ම පහකරදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් අහකදමා, ඒක සියලු ජාතීන් අතරේ උපමාවක්ද නින්දා පාඨයක්ද කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 7:20
21 හුවමාරු යොමු  

තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත.


මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල් වංශය අත්හැර, ඔවුන්ට පීඩාකොට, ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් අහක්කරදමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය දවා දමා, යෙරුසලමේ පවුර කඩාදමා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණ අනර්ඝවූ සියලු බඩු විනාශ කළෝය.


ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.


දෙවියන්වහන්සේ නුඹ සදාකාලේටම බිඳ දමනසේක, උන්වහන්සේ නුඹ අල්වා ඔබගේ කූඩාරමෙන් ඇද දමනසේක, ජීවතුන්ගේ දේශයෙන් නුඹ උදුරා දමනසේක.


නුමුත් ඔවුන් නෑසුවොත් මම ඒ ජාතිය උදුරාදමන්නෙමි, උදුරාදමා නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් මම මේ දේශය මතුපිටින් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් දේශය පිටට නුඹලා හෙළාදමන්නෙමි; එහි නුඹලා රෑ දාවල් අන් දෙවිවරුන්ට සේවයකරනවා ඇත; මක්නිසාද මම නුඹලාට කරුණාව නොපෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


උදුරා කඩාදමා නැතිකරන්නෙමියි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල,


බොහෝ ජාතීහුද මේ නුවර ළඟින් යමින්: ස්වාමීන්වහන්සේ මේ මහත් නුවරට මෙසේ කළේ මක්නිසාදැයි එකිනෙකාගෙන් අසනවා ඇත.


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


තවද මම උදුරන්ටත් කඩාදමන්ටත් හෙළාදමන්ටත් නැතිකරන්ටත් විපත්ති පමුණුවන්ටත් ඔවුන් ගැන පිබිද සිටියාක්මෙන්ම ගොඩනගන්ටත් හිටවන්ටත් ඔවුන් ගැන පිබිද සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා සිඳදමනු ලබන හැටියටත්, පොළොවේ සියලු ජාතීන් අතරේ ශාප-වචනයක්ද නින්දාවක්ද වෙන හැටියටත්, නුඹලා පොරොත්තුව සිටීමට ආවාවූ මිසර දේශයේදී අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් නුඹලාගේ අත්වල ක්‍රියාවලින් කුමක් නිසා මා කෝපකරන්නහුද?


ඔහුට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි. මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය.


එබැවින් මම ඉතා නපුරු ජාතීන් ගෙන්වන්නෙමි, ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුමකරගන්නෝය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථානද කෙලහනු ලබන්නේය.


නුඹලා උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ නුඹලා මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය.


ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.


ස්වාමීන්වහන්සේ උදහසෙන්ද කෝපයෙන්ද මහත් අමනාපයෙන්ද ඔවුන් ස්වකීය භූමිය මතුපිටින් අහක්කර, අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන් අන් දේශයකට හෙළාදැමූසේකැයි කියන්නෝය.


මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම–මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.