Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 52:5 - Sinhala Revised Old Version

5 දෙවියන්වහන්සේ නුඹ සදාකාලේටම බිඳ දමනසේක, උන්වහන්සේ නුඹ අල්වා ඔබගේ කූඩාරමෙන් ඇද දමනසේක, ජීවතුන්ගේ දේශයෙන් නුඹ උදුරා දමනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 52:5
18 හුවමාරු යොමු  

නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.


ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන්ගේ යහපත්කම දකින්ට ලැබේයයි නොඇදහුවෙම් නම් කොපමණ අසරණද?


නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.


ජීවත්ව සිටින්නන්ගේ දේශයේදී ස්වාමීන්වහන්සේ, එසේය, ස්වාමීන්වහන්සේ දකින්ටවත් ලෝ වැසියන් සමඟ සිට මනුෂ්‍යයන් බලන්ටවත් තවත් මට නොලැබෙන්නේයයි කීමි.


මම නුඹේ නිලයෙන් නුඹ නෙරපාදමන්නෙමි, ඔහු නුඹේ ඉඩමෙන්ද නුඹ ඇද දමන්නේය.


බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.


බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.


සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.


ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල රජු ළඟට ගෙනයනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්