Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 7:19 - Sinhala Revised Old Version

19 නුමුත් නුඹලා හැරී මා විසින් නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පනත්ද ආඥාද අත්හැර ගොස් වෙන දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන්නහු නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පනත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 7:19
15 හුවමාරු යොමු  

නුමුත් මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසුකරගන්නේය.


එහෙත් නුඹලා මට ඇහුම්කන් නොදී මේ සියලු ආඥා නොපවත්වා,


සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.


නුමුත් නුඹලා තවත් නපුරම කරනවානම් නුඹලාද නුඹලාගේ රජුද නාස්ති වෙනවා ඇතැයි කීවේය.


නුඹලා උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ නුඹලා මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය.


ස්වාමීන්වහන්සේද: මා විසින් ඔවුන් ඉදිරියේ තැබූ මාගේ ව්‍යවස්ථාව ඔවුන් අත්හැර, මාගේ හඬට කීකරු නොවී,


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.


මෝසෙස් අතින් ඉශ්‍රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේද පනත්වලද නියෝගවලද ප්‍රකාරයට මා ඔවුන්ට අණකළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝනම්, නුඹලාගේ පියවරුන්ට මා නියමකළ දේශයෙන් ඔවුන්ගේ පාද තවත් අහක්ව යන්ට නොසලස්වන්නෙමියි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්