2 ලේකම් 6:1 - Sinhala Revised Old Version එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ ඝනාන්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ වදාළසේක. Sinhala New Revised Version එවිට සලමොන් කතා කොට, සමිඳාණන් වහන්සේ වැඩ විසීමට වලාපටල හා ඝනාන්ධකාරය තෝරා ගත් සේක. Sinhala New Revised Version 2018 එවිට සලමොන් කතා කොට, සමිඳාණන් වහන්සේ වැඩ විසීමට වලාපටල හා ඝනාන්ධකාරය තෝරා ගත් සේක. |
වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.
ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක, වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන්වහන්සේගේ මාර්ගය සුළිහුළඟෙහිද කුණාටුවෙහිද ඇත්තේය, වලාකුල් උන්වහන්සේගේ පාදවල ධූලිය.
නුඹලා වනාහි ළංවී කන්ද මුල සිටියහුය; කන්දද අඳුරත් වලාපටලත් ඝනාන්ධකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නෙන් ඇවිළී ගියේය.
තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,