Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 5:14 - Sinhala Revised Old Version

14 ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 5:14
10 හුවමාරු යොමු  

වලාකුළ ඊ පිට රැඳුණු බැවින්ද ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන්ට නොහැකිවිය.


වලාපටලය නිසා පූජකයන්ට සේවයකිරීම පිණිස සිටින්ට නොහැකි විය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරුණේය.


ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරී තිබුණු නිසා පූජකයන්ට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වෙන්ට බැරිවිය.


දෙවියන්වහන්සේගේ තේජස සහ බලයෙන් නිකුත්වූ ධූමයෙන් දේවමාළිගාව පිරුණේය; දේවදූතයන් සත්දෙනාගේ පීඩා සත කෙළවර-වනතුරු දේවමාළිගාවට ඇතුල්වෙන්ට කිසි-වෙකුට නුපුළුවන්විය.


එවිට ස්වාමීන්වහන්සේගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.


කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.


එහිදී මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සම්මුඛ වන්නෙමි; මාගේ මහිමයෙන් කූඩාරම විශුද්ධ කරනු ලබන්නේය.


සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය.


අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ නොවනසේක්ද? ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකරන්නෙත් ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ, ඔබට විරුද්ධව සිටින්ට පුළුවන් කෙනෙකුත් නැත. අපේ දෙවියන්වහන්ස,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්