ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ කළ ගිවිසුම අඩංගුවූ පෙට්ටිය එහි තැබුවෙමියි කීවේය.
2 ලේකම් 5:10 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හෝරෙබ්හිදී එහි තිබූ ගල්ලෑලි දෙක මිස පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය. |
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ කළ ගිවිසුම අඩංගුවූ පෙට්ටිය එහි තැබුවෙමියි කීවේය.
දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.
උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.
තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපාගන්න. නුඹ විසින් බින්ද පළමු ලෑලිවල තිබුණු වචන ඒ ලෑලිවල ලියන්නෙමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා,
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.
එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.