Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 5:10 - Sinhala New Revised Version

10 ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හෝරෙබ්හිදී එහි තිබූ ගල්ලෑලි දෙක මිස පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 5:10
14 හුවමාරු යොමු  

එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ කළ ගිවිසුම අඩංගු වූ කරඬුව එහි තැබුවෙමි”යි කීවේ ය.


එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ හොරෙබ් කන්දේ දී කළ ගිවිසුමට අමතර ව, උන් වහන්සේ මෝවබ් දේශයෙහි දී ඔවුන් සමඟ කරන ලෙස මෝසෙස්ට අණ කළ ගිවිසුමේ වචන මේවා ය.


පසුව ඔහු දස පණතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි.


ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය.


උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්