Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 5:11 - Sinhala Revised Old Version

11 (එතැන සිටි පූජකයෝ පංක්ති පිළිවෙළ නොපවත්වා, සියල්ලෝම පිරිසිදුවී සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එතැන සිටි සියලු පූජකයෝ කවර කාණ්ඩයට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 5:11
13 හුවමාරු යොමු  

ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.


ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ලියවිල්ලේද ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ලියවිල්ලේද ප්‍රකාරයට නුඹලාගේ පියවංශවල හැටියට නුඹලාගේ පංක්ති ලෙස සූදානම්වී,


ඔවුන්ට කථාකොට: ලෙවීවරුනි, මට ඇහුම්කන්දෙන්න; නුඹලාම දැන් පවිත්‍රවී, නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයත් පවිත්‍රකොට, ශුද්ධස්ථානයෙන් කිලුටුකම පහකරන්න.


යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.


නුමුත් පූජකයන් මදිවූ නිසා සියලු දවන පූජා හමගහන්ට බැරිවිය. ඒ නිසා ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු වැඩේ තීන්දුවෙන තුරුත් අනික් පූජකයන් පවිත්‍රවෙන තුරුත් ඔවුන්ට උදව්වූවෝය. මක්නිසාද තුමූම පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය.


තමුන්ගේ සහෝදරයන් රැස්කර, තුමූම පවිත්‍රවී, රජුගේ ආඥාව පරිද්දෙන් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරිසිදුකරන්ට ආවෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.


ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)


පූජකයෝද ලෙවීවරුද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස පිරිසිදු වුණෝය.


පාස්කු බැටළුපැටවුන් මරන්න. නුඹලා පවිත්‍රව, මෝසෙස් අතින් ලැබුණ ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට කිරීමට නුඹලාගේ සහෝදරයන් උදෙසා උන් සූදානම්කරන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්