දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.
2 ලේකම් 32:21 - Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය. |
දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.
එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරිබ් ගැන නුඹ මට කළ යාච්ඤාව මම ඇසීමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒ නිසා හෙසකියා රජද ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායාද යාච්ඤාකොට ස්වර්ගයට මොරගැසූහ.
මෙසේ ස්වාමීන්වහන්සේ හෙසකියාද යෙරුසලමේ වැසියන්ද අෂූර්හි රජවූ සෙනකෙරිබ්ගේ අතින්ද අනික් සියල්ලන්ගේ අතින්ද ගළවා, හැම අතින්ම ඔවුන් ආරක්ෂාකළසේක.
උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?
ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.
උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක; තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වන දාවිත්ටත් ඔහුගේ වංශයටත් සදාකල් කරුණාව පෙන්වනසේක.
සවි සිත් ඇත්තෝ කොල්ලකනු ලැබුවෝය, තමුන්ගේ නින්දට පැමිණියෝය; බලවත්වූ කිසිවෙකුගේ අතෙහි ශක්තිය නොවීය.
යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ තරවටුකිරීමෙන් රථ සේනාව සහ අසරුවෝ බර නින්දට හෙළනු ලැබුවෝය.
එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.
එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?
එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරීබ් ගැන නුඹ මට යාච්ඤාකළ බැවින්,
මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.
ඔව්හු කථාකොට: අනේ, අප උදෙසා ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්න; මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අපට විරුද්ධව යුද්ධ කරන්නේය. සමහරවිට ඔහු අප වෙතින් අහක්ව යන හැටියට ස්වාමීන්වහන්සේ ස්වකීය සියලුම පුදුම ක්‍රියා ප්‍රකාරයට අප ගැන ක්‍රියාකරනවා ඇතැයි කීවෝය.
නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.
මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.
ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.