ඉක්බිති ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම එක එක දවසට සුදුසු ලෙස සේවයකිරීමට ඔහු පෙට්ටිය ඉදිරියෙහි ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද,
2 ලේකම් 31:2 - Sinhala Revised Old Version හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය. Sinhala New Revised Version හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් පංතිවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංති නියම කෙළේ ය. Sinhala New Revised Version 2018 හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කාණ්ඩවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ කාණ්ඩ නියම කෙළේ ය. |
ඉක්බිති ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම එක එක දවසට සුදුසු ලෙස සේවයකිරීමට ඔහු පෙට්ටිය ඉදිරියෙහි ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද,
ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය.
මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.
ලෙවීවරුද සියලු යූදාවරුද යෙහෝයාදා පූජකයා විසින් අණකළ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝය; මක්නිසාද යෙහෝයාදා පූජක තෙම රැකවල් පංක්ති නිදහස්කර නොහැරියේය.
වැඩ නිමකළ පසු ඔව්හු ඉතිරි මිල රජු සහ යෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝය, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට භාණ්ඩ එනම් මෙහෙයටත් පූජා ඔප්පුකිරීමටත් බඩුද හැඳිද රන් රිදී භාජනද සාදනලද්දේය. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දවන පූජා නිතරම ඔප්පුකරනලද්දේය.
එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,
ඔහු පූජකයන් ඔවුන්ගේ තනතුරුවල සිටුවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට ඔවුන් ධෛර්යකෙරෙවුවේය.
තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.
මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.
යාච්ඤාවේදී ස්තුතිදීම පටන්ගැනීමට ප්‍රධානියාව සිටියාවූ ආසාප්ගේ පුත්‍රයා වන සබ්දීගේ පුත්‍රවූ මීකාගේ පුත්‍රයා වන මත්තනියාද, ඔහුගේ සහෝදරයන් අතරේ දෙවෙනියාවූ බක්බුකියාද, යෙදූතුන්ගේ පුත්‍රවූ ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත්‍රවූ අබ්දාද යන මොව්හුය.
රාත්‍රිභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක
යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය.