Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 31:17 - Sinhala Revised Old Version

17 එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ පංතිවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ කාණ්ඩවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 31:17
14 හුවමාරු යොමු  

ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.


දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන්ගන්නාලද්දෝය.


තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මේර් යන ස්ථානවල සිට ආවාවූ, තමුන් ඉශ්‍රායෙල්වරුන් බවට තමුන්ගේ පිය පෙළපතත් තමුන්ගේ වංශයත් පෙන්වන්ට බැරිවුණාවූ අය නම්:


හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.


ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂූබායෙල්ය; ෂූබායෙල්ගේ පුත්‍රයන්ගෙන් යෙදෙයාය.


ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය–විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා.


තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවාවූ,


මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින්ද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ,


ගේර්ෂොන් පුත්‍රයන්ගේද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති,


තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න.


පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මුෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.


ලෙවීගේ පුත්‍රයන් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ වංශවල ප්‍රකාරයට ගණන්කරන්න. මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලු පිරිමින් නුඹ විසින් ගණන්කළ යුතුයයි කීසේක.


ලියවුණාවූ ඔවුන්ගේ සියලු බාලයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද යන මුළු සභාවට දුන්නෝය. තවද තමුන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්