Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 24:1 - Sinhala Revised Old Version

1 ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ආරොන්ගේ පුත්‍රයන්ගේ පංති මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ආරොන්ගේ පුත්‍රයන්ගේ කාණ්ඩ මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:1
16 හුවමාරු යොමු  

ආරොන් අම්මිනාදබ්ගේ දූවූ, නාෂොන්ගේ සහෝදරීවූ එලිෂෙබා භාර්යාවකොට පාවාගත්තේය; ඈ ඔහු නිසා නාදාබ්ද අබිහුද එලෙයාසර්ද ඊතාමර්ද බිහිකළාය.


දාවිත් ගේර්ෂොන්ද කොහාත්ද මෙරාරීද යන ලෙවීගේ පුත්‍රයන් වංශවල හැටියට පංක්තිවලට බෙදුවේය.


ආරොන්ට දාව නාදාබ් සහ අබිහුද එලෙයාසර් සහ ඊතාමාර්ද උපන්නෝය.


ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම නම් කුලුඳුලාවූ නාදාබ්, අබීහු, එලෙයාසර්, ඊතාමාර් යන මොව්හුය.


අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මිරියාම්ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසාර් සහ ඊතාමාර්ය.


නුඹේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් නුඹ ළඟට කැඳවාගන්න.


පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු බඩුවලත් ආදෘශයද තමාගේ පුත්‍රවූ සාලමොන්ට දුන්නේය.


(එතැන සිටි පූජකයෝ පංක්ති පිළිවෙළ නොපවත්වා, සියල්ලෝම පිරිසිදුවී සිටියෝය.


තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.


ලෙවීවරුද සියලු යූදාවරුද යෙහෝයාදා පූජකයා විසින් අණකළ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝය; මක්නිසාද යෙහෝයාදා පූජක තෙම රැකවල් පංක්ති නිදහස්කර නොහැරියේය.


හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.


මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.


එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.


ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෙරොහාම්ගේ පුත්‍රයාය, ඔහු එලියෙල්ගේ පුත්‍රයාය, ඔහු තෝවාගේ පුත්‍රයාය;


ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්