ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.
2 ලේකම් 31:15 - Sinhala Revised Old Version ඔහු යටතේ වාර පිළිවෙළින් තමුන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදාදෙන පිණිස ඒදෙන්ද මිනියාමින්ද යේෂුවාද ෂෙමායාද අමරියාද ෂෙකනියාද පූජකයන්ගේ නුවරවල පත්ව සිටියෝය. Sinhala New Revised Version ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය. Sinhala New Revised Version 2018 ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය. |
ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.
දොරකඩවල දොරටුපාලයන් කොට තෝරාගන්නාලද ඒ සියල්ලෝ දෙසිය දොළොස් දෙනෙක්ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියවුණෝය, දාවිත් සහ දර්ශනකාරයාවූ සාමුවෙල්ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත්කළෝය.
එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;
හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.
නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.