Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:12 - Sinhala Revised Old Version

12 එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මෙසේ කී පසු, කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමාසයිගේ පුත් මහත් ද අශරියාගේ පුත් ජෝවෙල් ද; මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත් කිෂ් සහ ජෙහල්ලෙලෙල්ගේ පුත් අශිරියා ද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත් ජෝවා ද ජෝවාගේ පුත් ඒදෙන් ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මෙසේ කී පසු, කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමාසයිගේ පුත් මහත් ද අශරියාගේ පුත් ජෝවෙල් ද; මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත් කිෂ් සහ ජෙහල්ලෙලෙල්ගේ පුත් අශිරියා ද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත් ජෝවා ද ජෝවාගේ පුත් ඒදෙන් ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:12
11 හුවමාරු යොමු  

හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.


ඔවුන්ගේ සහෝදරයෝ වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝය. එනම්: ඒතාන්ය. ඔහු කීෂ්ගේ පුත්‍රයාය, ඔහු අබ්දීගේ පුත්‍රයාය, ඔහු මල්ලූක්ගේ පුත්‍රයාය;


නාම වශයෙන් ලෙවීගේ පුත්‍රයෝනම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


එලිශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ෂිම්රීද යෙවූයෙල්ද ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මත්තනියාද;


ඔහු යටතේ වාර පිළිවෙළින් තමුන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදාදෙන පිණිස ඒදෙන්ද මිනියාමින්ද යේෂුවාද ෂෙමායාද අමරියාද ෂෙකනියාද පූජකයන්ගේ නුවරවල පත්ව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්