Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 31:14 - Sinhala Revised Old Version

14 නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 31:14
22 හුවමාරු යොමු  

ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව.


ගබඩාවල් කෙරෙහි පූජකවූ ෂෙලෙමියාද ලියන්නාවූ සාදොක්ද ලෙවීවරුන්ගෙන් පෙදායාද ඔවුන් යටතේ මත්තනියාගේ පුත්‍රයාවූ සක්කූර්ගේ පුත්‍රවූ හානාන්ද ගබඩාකාරයන් කෙළෙමි. මක්නිසාද ඔව්හු විශ්වාස අය කොට සලකනලද්දෝය, තමුන්ගේ සහෝදරයන්ට බෙදාදීම ඔවුන්ට භාරව තිබුණේය.


යෙරුසලමෙහි තිබෙන තමුන්ගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සෙනඟ සහ පූජකයන් කැමැත්තෙන් දෙන පඬුරුත් සමඟ ගෙනයන පිණිසත්, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් නුඹ යවනු ලබන්නෙහිය.


ඉන්පසු ඔව්හු නිරන්තර දවන පූජාද අමාවක්වලත් ස්වාමීන්වහන්සේගේ සියලු නියම ශුද්ධ මංගල්‍යවලත් පූජාද ස්වාමීන්වහන්සේට කැමැත්තෙන්ම ඔප්පුකරන සියල්ලන්ගෙත් ස්වේච්ඡා පූජාද ඔප්පුකළෝය.


යම් කෙනෙක් ඉතිරිව යම් තැනක සිටීද ඔහුට ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර රන් රිදීද බඩු සහ මෘගයන්ද දෙමින් උපකාරකෙරෙත්වායි පාර්සියාවේ රජවූ කෝරෙෂ් කියන්නේය කියා හඬිනුත් ලියවිල්ලෙනුත් පතළකෙළේය.


නැගෙනහිරට සිටියේ ලෙවීවරු හදෙනෙක්ය, උතුරට දවසට හතරදෙනෙක්ය, දකුණට දවසට හතරදෙනෙක්ය, භාණ්ඩාගාරය ළඟ දෙදෙන දෙදෙනාය.


නැගෙනහිර පැත්තේ පසඇටය වැටුණේ ෂෙලෙමියාටය. ඉන්පසු ඔහුගේ පුත්‍රවූ ඥානවත් මන්ත්‍රියෙක්වූ ශෙකරියා ගැන පසඇට දැමුවෝය; ඔහුගේ පසඇටය වැටුණේ උතුරු පැත්තටය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මෙහෙකරන පිණිස තමුන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියාවූ ප්‍රධාන මනුෂ්‍යයන්වූ ඔවුන්ට දොරටුපාලයන්ගේ පංක්ති වැටුණෝය.


එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන හැටියට නුඹේ අතින් සිය කැමැත්තෙන් දෙන්නාවූ පූජා පඬුරකින් සති මංගල්‍යය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන්න.


නුඹේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් නුඹේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් නුඹ වෙන්නාවූ නුඹේ කිසි බාර පූජාවක්වත් නුඹේ ස්වෙච්ඡා පූජාවල්වත් නුඹේ අතේ එසවීම් පූජාවවත් නුඹේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය.


නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,


නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.


ඒ අතරම කිසිවෙක් තමා සන්තක සියල්ලෙන් එනම් මිනිසුන්ගෙන් හෝ මෘගයන්ගෙන් හෝ තමාගේ උරුම කෙතෙන් හෝ ස්වාමීන්වහන්සේට තීන්දුවටම කැපකරන කිසිවක් විකුණන්ටවත් මුදාගන්ටවත් නුපුළුවන. තීන්දුවටම කැපකරන සියල්ල ස්වාමීන්වහන්සේට අති ශුද්ධය.


ඒ ඒ දවසට නියම ලෙස ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.


ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද කථාකොට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඉශ්‍රායෙල්හි වසන විදේශීන්ගෙන් හෝ තමුන් පූජාව ඔප්පුකරන කවරෙක් නුමුත් ඔහුගේ භාරවලින් එකක්වත් ඔහුගේ සතුටු පඬුරුවලින් එකක්වත් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකරන්නේනම්;


ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.


ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.


හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.


ඔහු යටතේ වාර පිළිවෙළින් තමුන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදාදෙන පිණිස ඒදෙන්ද මිනියාමින්ද යේෂුවාද ෂෙමායාද අමරියාද ෂෙකනියාද පූජකයන්ගේ නුවරවල පත්ව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්